Sunday 17 January 2021

මූර්ති කලාව

ත්‍රිමාන ප්‍රතිනිර්මාණය මුර්ති යනුවෙන් හදුන්වයි.මේවා මුල්කාලීනව ප්‍රධාන කොටස් 3කි.

      1.ඇඹීම 

      2.නෙලීම 

     3.වාත්තු කිරීම ,වර්තමානයේ මෙයට තවත් ක්‍රමවේදයක් එක්ව ඇති අතර එය එකලස් කිරීම ලෙස හදුන්වනු ලබයි.ඇතැමුන් එය වෙනම ක්‍රමවේදයක් ලෙස හදුන්වයි.මූර්ති නෙලීම සදහා භාවිතා කරනු ලබන ප්‍රධාන අමුද්‍රව්‍යයන් වනුයේ ගල් වර්ග ,ලෝහ වර්ග ,ලී ,සබන් ,ඉටි ,ඇත් දල් හෝ අස්ථි ,රිජිෆෝම් ආදියයි.මෙම මූර්ති කලාවේ නියැලෙන්නා වූ නිර්මාණකරුවා සතු මනා අවබෝධයක් තිබිය යුතුය.අනවශ්‍ය ආකාරයෙන් කොටස් ඉවත්ව ගියහොත් නැවත එම කොටස් නිර්මාණය අපහසු වූවකි.මුල්කාලීනව ගල් වර්ග භාවිතයෙන් මූර්ති නිර්මාණය සිදු කර ඇති අතර ඒ සදහා යොදා ගෙන ඇත්තේ ස්ථම්භක හුණුගල්‍ ය.ඉතා අල්ප වශයෙන් කිරිගරුඬ යොදා ගත් අවස්ථා ද ඇත.අනුරාධපුර යුගයේ දී ග්‍රැනයිට් භාවිතයට ද පොලොන්නරු යුගයේ දී නයිස් පාශාණය ද භාවිතා කර ඇති අතර මහනුවර යුගය දක්වා එය ඒ ආකාරයෙන් ම පැවැතිණි.



ලෝහ ආශ්‍රිත මූර්ති නෙලීමේදී ප්‍රධාන ක්‍රමවේද 2කට අනුව එය සිදු කරයි.

             1.ඝන වාත්තු ක්‍රමය

          2.සුසිර වාත්තු ක්‍රමය,ලංකාවේ වඩාත් ජනප්‍රිය වූයේ ඝන වාත්තු ක්‍රමයයි.ඝන වාත්තු ක්‍රමයට උදාහරණ වශයෙන් ලංකාවේ වෙහෙර ගලින් හමු වූ බුදු හා බෝසත් ප්‍රතිමා හදුනා දිය හැකි ය.සුසිර වාත්තු ක්‍රමයට නිර්මාණය කරන ලද ප්‍රතිමාවක් ලෙස බදුල්ලේ ලෝකඩ ප්‍රතිමාව පෙන්වා දිය හැකි ය.

ඝන වාත්තු ක්‍රමය අනුව මූර්තියක් නිර්මාණය කරනා ආකාරය 

ඝන වාත්තු ක්‍රමයේදී මුල් කෘතිය ඉටි වලින් සාදා ගනී.පසුව යකඩ දැලක් සමග මැටි ආවරණයක් යොදා අච්චු සකස් කර ගැනීම සිදු කරයි.මැටි ආවරණය ශක්තිමත්ව තිබිය යුතුය.ඒ මත තැනින් තැන සිදුරු සකස් කර ගැනෙයි.පසුව මෙය ගිනියම් කර මැද පිරවූ ඉටි ප්‍රතිමාව ඉවත් කර ගනී.රත් වූ ඉටි සාදාගත් කුඩා සිදුරු ඔස්සේ ඉවතට පැමිණේ.ඇතුළත කුහරය තුළට උණු කල ලෝහ වත් කරනු ලැබේ.එය ඝන බවට පත් වූ පසු මැටි අච්චුව තබා ලෝහ ප්‍රතිමාව මතු කර ගනී.ඉන් පසු එහි ඇති අනවශ්‍ය කොටස් පිරිමැද ඔපමට්ටම් කර ගනු ලබයි.

සුසිර වාත්තු ක්‍රමය අනුව මූර්තියක් නිර්මාණය කරනා ආකාරය 

සුසිර වාත්තු ක්‍රමයේදී අච්චු කොටස් 2කට සකසන අවස්ථාද,එක් කොටසක් ලෙස සකසන අවස්ථාද ඇත.ප්‍රථමයෙන් නිර්මාණය කිරිමට අපේක්ෂා කරන්නාවූ මූර්තියේ ආකෘතිය රළු ලෙස නිර්මාණය කිරීමයි.පසුව ඒ මත ඉටි තට්ටුවක් තවරා මූර්තියේ සියුම් හැඩ නිර්මාණය කර ගනී.පසුව එම ඉටි තට්ටුව අතරින් මැටි ආකෘතියට කාවදින සේ ලෝහ කොටස් යොදා සකසයි.පසුව ලෝහ දියර වත් කර පසුව ඉතා පරිස්සමෙන් අච්චුව ගලවා ඉවත් කර ගනී.මෙහි ද සිදුරක් විද හෝ යම් උපක්‍රමයක් භාවිතයෙන් මැටි අච්චුව කඩා ඉවත් කර ගනු ලබයි.



මෙම මූර්ති නිර්මාණය කිරිමට මනා පුහුණුවක් හා ඒ පිළිබඳ යම්තාක් දුරට ප්‍රවීණත්වයක් නිර්මාණකරුවා තුළ ගැබ්ව පැවතිය යුතුයි.මෙම මූර්ති කලාව සංචාරකයින් අතර ඉතාමත් ප්‍රකට කලාවකි.මේවා ඔවුන් අතර ඉහළ මිල ගණන් යටතේ බෙදා හැරේ. 


✍️ යශෝධා සිරිවර්ධන ✍️

37 comments:

  1. Great article 👍

    ReplyDelete

සුවිශේෂී සාම්ප්‍රදායික සැරසිලි 1

  වෘෂභ කුංජරය   මුහුණට මුහුණලා  ඇතෙකුගේත්, හිස්  සම්පිණ්ඩනය වන සේ වෘෂභ කුංජරය නිර්මාණය කර ඇත. ගවයාගේ අං, ඇතාගේ දළ  දෙක වශයෙන් ඇත. ඇතාගේ හොඩව...