Saturday 7 November 2020

ලී කැටයම්

දැව කැටයම් හෙවත් ලී කැටයම් හරහා කලකරුවා විවිධ නිර්මාණ ඉතා විශිෂ්ට අන්දමින් සිදු  කර ඇති ආකාරය පිළිබඳ ඉපැරණි සාහිත්‍ය මූලාශ්‍රයන්ගේ සදහන් තොරතුරු සදහන් වේ.දැව  කැටයම් පිලිබද ආනන්ද කුමරස්වාමි මහතා පෙන්වා දෙන්නේ ,

"හෙතෙම ගැට සහිත වතු ලී කැබැල්ලක් ගෙන, එය තම මැලි බවේ අනලස් බැවින් කැටයම් කොට , තම  උදාසීනත්වයේ , දක්ෂතාවෙන් හැඩ  ගන්වයි ."                                                             

මුල්  යුගයේ බොහොමයක් නිර්මානයන් ලී අශ්‍රයෙන් සිදු කර ඇති නිර්මාණයක් වේ.එකල ලී දිරායාම නවතාලිය හැකි ආලේපනයක් නොවු අතර , එම නිසා බොහොමයක් කැටයම් දිරා යාමට ලක් වන්නට  ඇත . දිරායාම හේතුවෙන් වර්තමානය  වන විට එම සාධක සොයා ගැනීමට  පවා අපහසු වී ඇත.අනෙක් කැටයම් මෙන්ම ලී කැටයම් කලාව එතරම් පහසු කාර්යයක් නොවේ. එයට හේතුව වනුයේ  , වරක් වැරදුනහොත් හෝඅත්‍යවශ්‍ය ආකාරයේ පලුදුවීමක් වුවහොත් නැවත සැකසීම කළ නොහැකි ය. කැටයම් කලාව පැරණි නිවෙස්වල මෙන්ම ආගමික ස්ථානයන්හි ද දැකිය හැකි ය. දොරවල් , බිත්ති , ගෘහ භාණ්ඩ ආදියෙහි සිත් ගන්නා සුලු ආකාරයට නිර්මාණය කර ඇත.අතීතයේ දී රාජකීය හා පූජනීය ගොඩනැගිලි ඉදි කිරීමට ශිල්පීන් දැව උපයෝගි කර ගෙන ඇත . අප රටේ මෙන්ම ලොකයේ බොහෝ රටවල්හි එය දක්නට ලැබේ .මහනුවර යුගයෙන් පසුව  නිර්මාණයන් විවිධ සංරක්ෂණයන්ට භාජනය වී ඇත. මහනුවර මෙන්ම කුරුණෑගල ,ගම්පොළ   යුගවලදි  දියුණු ලී කැටයම් කලාවක් තිබී ඇති බවට සාක්ෂි හමුවී ඇත . එම  යුගයන් හි පැවති ලී කැටයම් අතර , ගඩො ලාදෙනිය විහාරය , ටැම්පිට විහාරය , ලංකාතිලක විහාරය ,ඇම්බැක්ක අම්බලම ආදී ස්ථානයන්හි දැකිය හැකි ය. ඊට අමතරව මහනුවර  මගුල් මඩුව , දළදා මාලිගය,සතර දේ වාලය , පාදෙණිය විහාරය ආදී ස්ථානයන්හි මෙම  අලංකාරවත් ලී කැටයම් දැකිය හැකිය.                       

          
                                                        ඇම්බැක්ක  දේවාලයේ ලී  කැටයම්                                                   

ලංකාවේ ඉතිරි ව ඇති පැරණිතම ලී කැටයම් දක්නට ලැබෙන්නේ උඩු නුවර අලුදෙණිය විහාරයෙහි උලුවස්සෙහි ය.එය සදුන් දැවයෙන් කළ කැටයම් වලින් සමන්විත ව ඇත.මල්,ලියවැල්,හංස රූප ,පලා පෙති,ස්ත්‍රීන් හා පුරුෂයින් දෙපක්ෂයම කුණ්ඩලාභරණ පැලද සිටින අයුරු කැටයම් කර ඇත.     
  
මේ ආකාරයෙන්  ලංකාවේ ලී කැටයම් කලාව සරලව හැදිහැදින්විය හැකි අතර,ඒවා රැක ගැනීම සමාජයේ සාමාජිකයන් වන අප සතු වගකීමකි.ඉදිරි ලිපි හරහා මෙම ලී කැටයම් වලින් අලංකාරවත් වූ ස්ථානයන් පිළිබඳ අධ්‍යනයට හැකියාව ඇත.       


✍️යශෝධා සිරිවර්ධන ✍️

14 comments:

සුවිශේෂී සාම්ප්‍රදායික සැරසිලි 1

  වෘෂභ කුංජරය   මුහුණට මුහුණලා  ඇතෙකුගේත්, හිස්  සම්පිණ්ඩනය වන සේ වෘෂභ කුංජරය නිර්මාණය කර ඇත. ගවයාගේ අං, ඇතාගේ දළ  දෙක වශයෙන් ඇත. ඇතාගේ හොඩව...