Wednesday 3 February 2021

චිත්‍ර කලාව

චිත්‍ර කලාව බොහෝ දෙනා ප්‍රිය කරනා කලාවකි. සිතුවමකින් ඇස හා මනස පිනවීම මූලිකවම සිදුවන්නා වූ ක්‍රියාවලියකි. මූලික වශයෙන් සිතුවමකින් කෙරෙන්නේ හැඩ, වර්ණ, හැඩතල, රේඛා ආදී ලක්ෂණයක් කිසියම් සෞන්දර්ය අත්දැකීමක් පිණිස නිර්මාණය කිරීමකි. මෙම සෞන්දර්යාත්මක අත්දැකීම් නිර්මාණයට බොහෝ විට යොදාගනු ලබන්නේ වර්ණ හා රේඛාය. ඒ හරහා අනෙකුත් මූලික කාරණා මැවීම සිදුවේ. සිතුවමක මූලිකාංග ලෙසද මෙම වර්ණ හා රේඛා පෙළගැස්විය හැකිය. 



ඕනෑම අයෙකුට සිතුවම්කරණයට යොමුවිය හැකි අතර, වෘත්තීය සිත්තරෙකුට තම නිර්මාණය සිදු කිරීමට ප්‍රථම ඉහත සඳහන් මූලිකාංග පිළිබඳ හා නිර්මාණාත්මක කුසලතා සම්බන්ධයෙන් අවබෝධයක් තිබිය යුතුයි. චිත්‍ර කලාව හරහා මනස සුවපත් වෙතැයි බොහෝ දෙනාගේ මතයයි. මානසික සුවතාව මූලික කරගනිමින් චිත්‍ර කලාව භාවිතා කරන්නේනම් එය ' මනෝ සායනික චිත්‍ර කලාව ' ලෙස සරලව හැඳින්විය හැකිය.



සිත්තරා තම සිතුවිලි, අත්දැකීම් ආදිය මෙම සිතුවම් සඳහා මූලික කරගනී. චිත්‍ර කලාව යනු ඇඳීම පමණක් නොව, එහි සිතීමේ කලාව ද ගැබ්ව පවතී. ඇඳීම සඳහා අත භාවිතා කරයි. නිර්මාණය සිත භාවිතා කරයි. එම නිසා ' චිත්‍ර ඇඳීම ' වෙනුවට ' චිත්‍ර නිර්මාණය ' යන වචනය ආදේශ කිරීම වඩාත් උචිත වේ යැයි සිතිය හැකිය.


 


 ✍️ යශෝධා සිරිවර්ධන ✍️


21 comments:

  1. Very important article ❤️❤️❤️

    ReplyDelete

සුවිශේෂී සාම්ප්‍රදායික සැරසිලි 1

  වෘෂභ කුංජරය   මුහුණට මුහුණලා  ඇතෙකුගේත්, හිස්  සම්පිණ්ඩනය වන සේ වෘෂභ කුංජරය නිර්මාණය කර ඇත. ගවයාගේ අං, ඇතාගේ දළ  දෙක වශයෙන් ඇත. ඇතාගේ හොඩව...