මථුරා සම්ප්‍රදාය
භාරතයේ ප්‍රථම බුදු පිළිමය නෙළීමේ ගෞරවය හිමි වන්නේ මථුරා සම්ප්‍රදායටයි.ගන්ධාර කලාව හා සමකාලීනව මථුරා සම්ප්‍රදාය බිහි වුවද වඩාත් දේශීය ලක්ෂණ වලින් මථුරා ශිල්පීන් ඉදිරියෙන් සිටී. මථුරා සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමා ගන්ධාර බුද්ධ ප්‍රතිමා කලාවට වඩා වෙනස්ය. මථුරා කලාකරුවා පිළිම නෙළීම සඳහා පළමු ආකෘතිය ගෙන ඇත්තේ ඒ වන විට දේශීය කලා කෘතීන් වූ පැට්නා,පාරබම් ආදී ප්‍රදේශවලින් හමු වූ යක්ෂ රූප වලින් බව පැහැදිලිය.ගාන්ධාර ශිල්පීන් ශාරීරික අලංකාරත්වයෙන් බුදු දේවතාවකු ලෙස නිර්මාණය කළ අතර, මථුරා ශිල්පීන් බුදුන්ගේ ශාරීරික ලක්ෂණ ඉස්මතු කර පෙන්වීමෙන් පමණක් නොව උන්වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණයන් ද මූර්තිමත් කිරීමට උත්සාහ කර ඇත.
මථුරා ශිල්පීන් විසින් බුදුන්ගේ ශරීර දේහ විලාශය, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පවා දැක්වීමට සමත් විය. මේ අතරින් උෂ්ණීර්ෂය ඌර්ණව හා පාද තලයේ ඇති චක්‍රයන් දැක්වීම ප්‍රධාන වේ. මථුරා ශිල්පීන් මුල් යුගයේදී උෂ්ණීර්ෂය දක්වන ලද්දේ මුඩුකල හිසෙහි හරි මැද හක්ගෙඩියක් මෙනි. කත්‍රා හා අභිච්ජත්‍ර පිළිම මේ සඳහා නිදසුන්ය. ඌර්ණ රෝමය නළල මධ්‍යයේ තිතක් මෙන් දැක්වීය. මථුරා ශිල්පීන් සිවුර පෙරවීමේදී අනුගමනය කර ඇත්තේද ගන්ධාර ශිල්පීන්ට වෙනස් අයුරිනි. දෙවුරම නොවසා වම් උරහිස පමණක් සිවුරේ රැළි උඩුකය මත පෙන්වා ඇත. අදනය පටියකින් සිරකොට බදින ලද අයුරු දක්වා ඇත.
මථුරාවෙන් හමු වූ පළමු බුදුපිළිමය රතු වැලි ගලින් නිමවා තිබිණි. දකුණු උරහිස විවෘත ව තිබිණි. සිවුර රැළි සහිතය. එය ඇඟට ඇලී ඇත. නාභිය විනිවිද පෙනෙන සුළුය. හිස මුඩුය. හිස මත වූ උෂ්ණීර්ෂය කෙස්වැටියෙන් සංඛාකාරයෙන් මතුව පෙනේ. දෙපතුල මංගල සම්මත ලක්ෂණ වලින් යුක්තය. ඌර්ණරෝමය පිහිටුවා ඇත. දකුණු අත අභය මුද්‍රාවෙන් යුක්තය. සිංහාසනයක වැඩ සිටියි. දෙපස ද්වාර පාල රූප වලින් යුක්තය.
✍️යශෝදා සිරිවර්ධන✍️
Thank u👍
ReplyDeleteGood artical
ReplyDeleteNice dr
ReplyDeleteNice❤️
ReplyDeleteGreat article 👍
ReplyDelete👍❤
ReplyDeleteGreat ❤️
ReplyDelete❤️ important
ReplyDeleteGood 👍
ReplyDelete