Monday 8 February 2021

අසිරිමත් සීගිරි බිතුසිතුවම්

යුනෙස්කෝ ආයතනය විසින් ශ්‍රී ලංකාව තුළ ලෝක උරුමයන් අටක් නම්කර ඇති අතර, ඉන් එක් විශිෂ්ට ගණයේ ස්ථානයක් වනුයේ සීගිරියයි. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉනාමළුව කෝරළයේ පිහිටා ඇති සීගිරිය, අනුරාධපුර යුගයේ හමුවන විශිෂ්ටතම සිතුවම් හමුවන්නාවූ ස්ථානයයි. එය ක්‍රි.පූ. දෙවන සියවස තරම් පැරණි අවධියක නිර්මාණය කරන්නාවූ ස්ථානයකි. නමුත් මෙය වඩාත් ජනප්‍රිය වන්නේ කාශ්‍යප රජුගේ වකවානුව තුළදීය. අඩි 1132ක් උසැති සීගිරි පර්වතයේ හොඳින් ආවරණය වූ ස්ථානයක පර්වත පෘෂ්ඨය මත මෙම සිතුවම් ඇඳ තිබේ. කැටපත් පවුරේ ගී තුළ සඳහන්වන පරිදි මෙම චිත්‍ර සමූහය තුළ චිත්‍ර 500 පමණ තිබී ඇති අතර අදවන විට ශේෂ වී ඇත්තේ ඉන් 21 වැනි සුළු සිතුවම් ප්‍රමාණයකි.



මෙම සිතුවම් කාශ්‍යප රජු විසින් අදින ලද බව පරණවිතාන මහතාගේ මතයයි. රතු, කොළ, කහ යන වර්ණයන් ලෙස ගෙන ඇත. තනි හා යුගල වශයෙන් නිරූපිත ස්ත්‍රී රූපවලින් යුතු වේ. මෙම ස්ත්‍රී රූපයන්හි ඉඟටියෙන් පහළ කොටස දක්නට නැත. එය වළාකුළින් ආවරණය වී ඇත. රතු පැහැයෙන් අඳින ලද බාහිර සටහනේ කහ, දුඹුරු හා කොළ යන වර්ණයන් ආලේප කිරීමෙන් වර්ණ පූර්ණ කළ බව පෙනී යයි. මෙම සිතුවම්හි වර්ණ සංකලනයේදී නිල් පැහැය භාවිතා නොකිරීම විශේෂත්වයකි.

විවිධ මතධාරීන් මෙම සීගිරි බිතුසිතුවම් පිළිබඳ විවිධ මත පළකර ඇත.

# සෙනරත් පරණවිතාන මහතා :- රන්වන් කත විජ්ජුලතා හෙවත් විදුලියයි. අඳුරු කත මේඝලතා හෙවත් වැහි වළාකුලයි.

# ආනන්ද කුමාරස්වාමි මහතා :- වළාකුළු මත පාවී යන දිව්‍ය අප්සරාවන් බව. 

මේ අතරින් ප්‍රසිද්ධම මතය වන්නේ පරණවිතානයන්ගේ මතයයි. මෙම මනුෂ්‍ය ස්ත්‍රී රූපසටහන් නොවන අතර, මේඝලතා හා විජ්ජුලතාවන්ගේ රූපසටහන් බවයි. තවද කාශ්‍යප රජුගේ රාජසභා මණ්ඩපයේ සිටි ලඳුන් පිරිසක් ලෙසද, පිදුරංගල විහාරය වන්දනාවේ යන කාශ්‍යපගේ කාන්තාවන් පිරිසක් ලෙසද පවසයි.


මෙම කාන්තා ආදර්ශ රූ තුනක් පෙන්නුම් කරයි. තරුණ, මැදිවිය පසුකල ලෙසිනි. ශිල්පක්‍රම භාවිතයේදී රූප භේද, ප්‍රමාණ, භාව, ලාවණ්‍යයෝස්න, වර්ණකාභංග හා සාදෘශ්‍යකරණය යන සිය වැදෑරුම් ශිල්පක්‍රම භාවිතා කර ඇත. 

ගල් බිත්තිමත දහයියා මිශ්‍ර මැටි බදාම තවරා චිත්‍ර භූමියද, එයමත සියුම් හුණු බදාම එලා චිත්‍ර වාහකයන්ද තනා තිබේ. මෙම වාහකය මත සිතුවම් ඇඳ ඇත. ටෙම්පරා ක්‍රමයට අනුව සිතුවම් නිර්මාණය කර ඇත.


වර්තමානයේ මෙම සීගිරි සිතුවම් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අභාවයට පත්වෙමින් පවතී. යුනෙස්කෝව විසින් මෙම ස්ථානය ලෝක උරුමයක් ලෙස නම්කිරීමට මෙම සිතුවම් එක් සාධකයක්ව ඇත. එම නිසා මෙම වටිනා උරුමයන් රැකගැනීම හා මතු පරපුර වෙත සුරක්ෂිත කර තැබීම ශ්‍රී ලාංකිකයන් වන අපගේ උර මත වූ යුතුකමක් මෙන්ම වගකීමකි.



✍️ යශෝධා සිරිවර්ධන ✍️

30 comments:

  1. වැදගත් ලිපියක්

    ReplyDelete

සුවිශේෂී සාම්ප්‍රදායික සැරසිලි 1

  වෘෂභ කුංජරය   මුහුණට මුහුණලා  ඇතෙකුගේත්, හිස්  සම්පිණ්ඩනය වන සේ වෘෂභ කුංජරය නිර්මාණය කර ඇත. ගවයාගේ අං, ඇතාගේ දළ  දෙක වශයෙන් ඇත. ඇතාගේ හොඩව...